Wednesday, November 16, 2011

මං තාමත් දුර වගේද.....




වලාකුළු පෙළින් බසින්න
සඳු දෝතට ගෙන
අන්දකාරයට දුවන්න
තරු පොකුරු ඇහිඳගෙන....


කෝපි මල් හිනාවුනාම
ආදරේමදැයි අසන්න
තාරකා සිනාසුනාම
සිත ගිලන්වෙලා වගේද....


අනෝරා වැසි වැටුනම
ගිම්හානය ඉවරවේද
සත්කුළු පව්වෙන් බැස්සම
මං තාමත් දුර වගේද......

Monday, November 14, 2011

හීනය ........


හීන වලට පාට පොවන අලුයම් හිමිදිරියේ

නිල් පාටින් සලු ඈදගෙන ඟඟන රෑගුම් රැගුවේ

ඔබ නැතිවත් හිරු එබිලයි මගේ හීන මැකුවේ

සිත් විලමැද තනිකමවිත් නුබේ රුවමයි සෙව්වේ


කනා මැදිරි එලි නිවුනා අන්දර වැට අයිනේ

අදුර මැදින් තනිය ඇවිත් පාලුව රජකෙරුවේ

ඇලේ දොලේ හඩ මැද්දේ මහදේ හඩ නැගුනේ

කවි ලියමින් කවි කියමින් ඔබ ගැන සිත සිතුවේ


කඳුලු ඇවිත් වැස්ස වෙලා ආත්මයට වටුනා

සන්සාරේ මතක නිමිති මතින් කඳුලු ගැලුවා

හඩා වැටෙන් අහස මැදින් ලිහිනි රෑන් ඇදුනා

සිත් විල මැද කුමුදු කුසුම් සුවද දිදි පිපුනා

Monday, November 7, 2011

පිනි කඳුළක්ය මම.......




හිරිගඩු පිපෙන සීතලම සීතලේ
සඳුටත් හොරෙන්
හිම කැට අතර සැඟවුනු
පිනි කඳුළක්ය මම.......

දහසක් තරු පායන අහසකත්
හිරු කිරනකටම පෙමින් වෙලී
හිරුටම පෙම් කවි ගෙත්තම් කරන
පිනි කඳුළක්ය මම.......

හෙට පූදින හිමිදිරියේ
නුඹේ එලිය සිපගෙන
ඔය උනුසුමෙන්ම දියව යන
පිනි කඳුළක්ය මම......

Tuesday, October 25, 2011

අම්මේ......... මේ සියල්ලම නුඹ නිසවෙන්මයි.....




සන්සාරය පුරාවටම
සොයගෙන අවුත්
නුඹ තුලම වැඩෙන්නට
අවසරයක් දී
මා සිගිති පා
විඩෙන් විඩ නුඹ කුස
වදිනා වරක් වරක් පාසා
ඒ සියල්ලම මුව පිරි සිනවකින් ඉවසා
මා දුන් වේදනා
සතුටෙන්ම .....බලාපොරොත්තු ගොන්නකින් පුරවමින්
තිබිරි ගෙයි කලුවර මැද්දේම
මා නුබෙන් වෙන්වුන වේදනාවෙන්
හඬා වැටෙද්දී
නුබේ වෙදනාව මැදින්
මා තුරුලට ගෙන උනුසුමෙන් නැහැවූ
ආදරණීය අම්මේ.....
මා ආත්මය ශරීරයකින් නිමවා
සොදුරු සිතුවිලි පෝෂණය කරමින්
ජීවිතයේ අයනු... ආයනු තෝරද්දී
ජීවිතයට අර්ථයක් දුන්.....
ම්මේ......... මේ සියල්ලම නුඹ නිසවෙන්මයි.....

Monday, October 3, 2011

කවි පෙළක් ආයෙ ළියමි




පුන් සඳත් ඇවිත් නිල් අහස් තලේ
නෙක කොමල රැගුම් රඟනා
මගෙ සිතත් දුකෙන්... කවි පෙළත් දුකෙන්
හිත හොරෙන් හොරෙන් හඬනා

මට කියා ගන්න දුක අසා ගන්න
තනිකමත් ඇවිත් මිඳුලේ
මම සිනා සිසී නෙතු කඳුළු වලින්
කවි පෙළක් ආයෙ ළියමි

දුක ඇවිත් ගියා මගෙ නොවෙයි කියා
මම තවත් තැවෙනු පල නෑ
මේ අහස යටින් මේ පොලව මතින්
මල් පිපී සිනා සේ නම්.......

Wednesday, September 28, 2011

අදත්.. හෙටත්... එදා වගේ.... සැනසුම ආවයි....



කතා කරපු නෙතු නිම්නය
සිනා සළන මුව කමලය
මෙ සියල්ල්ල අකැප වෙන්න
කාලය ආවයි

ගිම්හනය එක්කලාම
බොල් අස්වනු ගෙට ගන්නට
වටේ පිටේ හැම කෙනෙක්ම
සහයට ආවයි

නිල් අහසට කදුළු සලා
නිල් දෙනයන රිදවාලා
මගේ සිතේ තනි රකින්න
තනිකම ආවයි

මේ තනියට පෙම් බඳින්න
ඒ තනියට තනි රකින්න්න
අදත්.. හෙටත්... එදා වගේ....
සැනසුම ආවයි....

Monday, September 26, 2011

කළු දිය පොකුන .....























කළු දිය පොකුන ලඟ දවසක හැන්දෑවක
කළුවර වලා විත් හෙමිහිට නතරවින
පාලු නිසල බව තව වැඩිකරවිමින
කුමුදු මල් පියලි එකිනෙක සිද වැටින

හිත රිදුන තරමට අරලියා ගසට
සුදුමල් පරවී සුළගේ පාවිමින
තනිකම ඇවිත් ගෙයි ම්ඳුලේ මායිමට
මගේ නෙතට උනු කඳුලැලි බිඳු ඉනින.....

අපේ පෙම් පුරානය මේ බිම දන්නවා ඇතී
ඒ තරමට පාලුව රජ කරනවා ඇතී
පෙරදවසක අප ආ විට සිනාසුන
මුරගල් පවා අද වෙනතක බලාගෙන....

Wednesday, September 21, 2011

එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....



කලා වැවේ ඉවුරු කොනේ
කෙකටිය මල් යාය දිගේ
හඳ එලියේ පාර දිගේ
එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....

තරු කැට පොකුරු පිටින්
දිය මතුපිට පීනන විට
ඒ තරු කැට ඇහිදින්නට
එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....

නිල් ගොයමේ නිල්ල මැදින්
නියර උඩින් කමත මැදින්
බන්ඩි කරල් සිපගන්නට
එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....

මෙත් සිසිලස මේඟයක්ව
අවුකන සිට හමා එදිදි
එ සිසිලේ නැළවෙන්නට
එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....

Thursday, September 15, 2011

මෛත්‍රීයම වෙමි....

පෑල දිග අහස් ගැබ අලුපාටය.....තුරුලතාවෝ අහංකාරයෙන් ඒ... මේ.. අත වැනෙන්නේ සුළගට ආදරයේ බලපොරොත්තු ඒත්තුගන්වමිනි....
වීඩාකරීව දවස පුරා පියාසැරූ කුරුලු රන්චු පිටින් නිවෙස් වලට ඇදෙත්ය...මී ගස් වලට හාදු තියන වවුල් රෑන්ය......
පරිසරය නිස්කලන්කය.....නමුදු හදවත දෝන්කාර දෙයි.....ඒ මමද....නතිනම්.... මමත්වය වසා සිටින මා යයි සිතන්නාද....?
මා නැති බව පසක් කරගන්නට හුස්මටම පෙම් බඳිමි.....ආ හුස්මත් නොරෑඳි මා හැර ගියානම්
මමත් නැතිනම් හුස්ම ගියේ කොහාටද.....?
හුස්ම ආ යේ කොහිසිටද...?
බොහෝ ගැටලු ඇත්තේය.........
මොහොතකට සිතුවිලි නතර කරමි.....එන්න හුස්ම.....
ඔබට අවැසි විට යන්න...
ඔබ ආ සැටිද....
යන සැටිද....
නැවත එන සැටිද....
පිටතින් සිට දකිමි ඇලීමකින් බැඳීමකින් තොරව....
මොහොතකට හුස්ම නතරවිනි.....සිතුවිලිද නැත්තේය....
මේ මොහොත විදීමකින් තොරව ගෙවමී......
මෛත්‍රීය පිරි සිතුවිල්ලකින් හුස්ම පුරවමී.....
මෛත්‍රීයෙන් පිරෙමී....මෛත්‍රීය දකිමි...මෛත්‍රීය බෙදමි...
මහා මෛත්‍රීයම වෙමි....!

Wednesday, September 14, 2011

ගඟ සහ මම


වර්ශාව පෙනෙන තෙක් මානයක නැත්තේය....
පහන් වු සිත ආධ්‍යාත්මයෙන් තෙත බරිත කරන්නට
තවත් මෛත්‍රිය පිරි වර්ශාවක් අවැසි යැයි මට කියන්නට සිතෙමි.....
දහවල තව ටිකක් දීර්ගය....
පෑල දොරින් ගෙට ගොඩවෙන අකුසලයන්
එසේ දියකර හරින්නටද සිතෙන්නේය......
සන්සාරය පුරාවට ගෙන ආ ක්ලේශයන් මහත්ය.....
ආ දුර බෝහෝය...
තරණය කල ඉසව් ඉමක් කොනක් නැත්තේය
ගඟ තවම නිසලය...
නමුදු ගඟ ද....
මම ද...
මොහොතින් මොහොත...

Thursday, September 8, 2011

ජීවිතය



මොහොතකට නිහඬවෙන
නිසල සිත අද්දරින්
අමනාපයෙන් අරියාදුවට
මෝදුවෙන ක්ලේෂයන්ම - උපාදානයක්ව
මේ සංසාරය තවතවත්
දිග්ගස්සන බැව් දැනුනාම
වසාලන්නට උත්සුක වෙමි
පංච ඉන්ද්‍රීන්ම
මොහොතකින් සමාධිය අවාම
ක්‍ෂය කරමි විදර්ශනාවෙන්ම
සංසාරය පුරාවට ගෙන ආ ක්ලේෂයන්.........

Monday, August 29, 2011

මියැදුන සෙනෙහස



මියැදුන සෙනෙහස

අක් වැස්සක් ලඟ පාතක හිනාපුරන විට
බක් මී මල් හීන් සැරේ ගීත ගයන කොට
තරු පොකුරු පිපෙන රැ මැදියම හීන දකින විට
මං කොහොමද කියන්නෙ නුඹෙ සෙනෙහස ගැන

නිල් දෙනයන උතුරා යන කඳුළු බිංදුවක
මගෙ සෙනෙහස ගලා යයිද ආයෙත් හෙට දින
සීතලම සීත කඳුළු බිඳුව මටම පුදන්නට
නුඹ ආයෙත් එනවද පූදින හෙට දින

අහිමි නුඹට හැමදාකම ගී පද ලියුමට
ගී පද වැල් නවතීවිද නුඹ සමුගත්තට
තරු නිවලා සඳු හංගා අදුරත් අරගෙන
හීනෙන් වත් නුඹ එනවද මාව බලන්නට

රොෂාන් දෑල බණ්ඩාර

රේවතී......




රේවතී......

තල් අරඹේ ඉස්මත්තක
වියැළුන කඳුලක් සිඹින්න
තහනම් බැම්ම බිඳගෙන
එන්නට හැකිනම්....

තයිපොන්ගල් පෝයදාට
මල් වැල් ගෙන හිස සරසා
තිලක තියන සඳ සිඹින්න
එන්නට හැකිනම්....

සඳ දුහුලට මුවා වෙලා
පෙම් කවි ගෙත්තම් කරන්න
තල් අත්තේ සෙවණ යටට
එන්නට හැකිනම්....

දුරක තියෙන අපේ ගමට
නුඹේ අතින් අල්ලාගෙන
කහ ඉර පැන දුවල යන්න
ඇයි මට තහනම්....

Wednesday, July 27, 2011

මෛත්‍රියේ වර්ෂාව


ගිනි අව්ව කාෂ්ටකය

වෛරයේ ගිනි පුපුරු

තවමත් යටගියාවේ අලු යටය…..

නොඑන්න.. උතුරු සුලඟ ….

ඇවිලේවි ආයෙමත්….

ඉවසන්න තව ටිකක්

මෛත්‍රියේ වර්ෂාව ඇදහැලුනාම,

හමන්න නුඹ ඇති සැටියෙන්….

මෛත්‍රියම පතුරුවන්නට මේ බිම් කඩ මතම….