Tuesday, October 25, 2011

අම්මේ......... මේ සියල්ලම නුඹ නිසාවෙන්මයි .....




සන්සාරය පුරාවටම
සොයගෙන අවුත්
නුඹ තුලම වැඩෙන්නට
අවසරයක් දී
මා සිගිති පා
විඩෙන් විඩ නුඹ කුස
වදිනා වරක් වරක් පාසා
ඒ සියල්ලම මුව පිරි සිනවකින් ඉවසා
මා දුන් වේදනා
සතුටෙන්ම .....බලාපොරොත්තු ගොන්නකින් පුරවමින්
තිබිරි ගෙයි කලුවර මැද්දේම
මා නුබෙන් වෙන්වුන වේදනාවෙන්
හඬා වැටෙද්දී
නුබේ වෙදනාව මැදින්
මා තුරුලට ගෙන උනුසුමෙන් නැහැවූ
ආදරණීය අම්මේ.....
මා ආත්මය ශරීරයකින් නිමවා
සොදුරු සිතුවිලි පෝෂණය කරමින්
ජීවිතයේ අයනු... ආයනු තෝරද්දී
ජීවිතයට අර්ථයක් දුන්.....
ම්මේ......... මේ සියල්ලම නුඹ නිසාවෙන්මයි .....

5 comments: