Friday, November 13, 2020

දැහැන



දියට බැස

දිය කෙළින 

තුරු වදුළ....

නිසලව නිහඬව

ගැඹුරු නින්දක

ගං ඉවුර...

 

.

Sunday, October 25, 2020

බලාපොරොත්තු

 

මුදාහළ සලුව 

ඉගිකරයි 

වස්සානයක පෙරමග....

Tuesday, September 22, 2020

ප්‍රාර්ථනා


හද අසපු ද්වාරය වෙත  ඇදෙමී
දේදුනු පැහැ තවරා පේවෙමී
ප්‍රාර්ථනා පුසුඹ සුසුමට ඔබ්බවමී
සෝක දොම්නස් මිහිදන් කරමී
කුසුමක්ව පිපෙමී
කුසුමක්ව පරවෙමී
කුසුමක්ව මලගම් යමී

 


Monday, September 21, 2020

ලුනු රසයි ජීවිතය..




රාස්සීගේ අව්වය

රන්වන් රිදී රේඛාය

ගව්වක් දුරින් ක්ෂිතිජය

ඇතුවත් බැරිය

නැතුවත් බැරිය

ලුනු රසයි ජීවිතය..


පුත්තලම |16.09.2020


 

Thursday, September 10, 2020

අතර මඟ මතක


 
කතරක මැද තනිවී යන අතර මඟ
සුළගත් හැරගියා මඟ තනිකර මතක
අවරට හැරෙත් ඉර එලියත් නිවාගෙන
කලුවර අවුත් මඟ ඇහිරුව හැටි මතක

දියවර සිදී ගිය වැව් ඉවුරකින් එන
කාෂ්ඨකේ ඉගියක් දැනුනා සිතට
අදුරත් කපා අතපොවනා වෙලාවක
වරා මල් පොකුරු ගතු කීවයි සිතට

එලියක් නැතත් ළග පාතක පෙනෙන දුර
පොඩි තරු පේනවා දුර අහසේ කොනක
යන මඟ නොදැන උන්නත් මේ සසර මඟ
නවතින තැනක එලියක් මතුවින මෙලෙස

Friday, August 7, 2020

පාරමිතා...


මොහොතකට නතරවුන 

සිතුවිලි ගංගාව

ශූන්‍යත්වය සිහිකරයි...

පාරමිතාවක්වෙමි...

දිගු හුස්ම හෙලමි

හුස්ම අතර විරාම නැතිවම 

මමත්වය අත්හරිමි....


Monday, August 3, 2020

පානාතිපාතා




පානාතිපාතා......
සිල් රකින්නත් ජීවත්වෙන්න එපැයි......!