Tuesday, March 31, 2020

දියවුන සිහින

මා උන්නු නගරයේ
හවස එබෙන්නටත්  කළියෙන්ම
නැනෝ ලයිට් එලි දැල්වෙනවා
විදි පුරාම මඟ දිගට.....
 
වැස්ස දවසකට කළින්
මෙරුවන් මතුවෙනව 
ඉඩක් තියෙන තැනකින් 
පොළොවෙන් තවමත් 
තුරුලු කරගෙන
සමනල් සිහින..... 

රැය පුරාවට රැවටුන
මෙරුවන් තැන තැන 
ආත්මය දියකරමින් උන්නා 
මඟ දිගටම 
නැනෝ ලයිට් එලි පාමුල....

ඇවිදිනව මම ම
විදි දිගේ අහුලමින් මග දිගට
නැනෝ ලයිට් එලි යට 
දියවුන සිහින...

ගැලපීම


එයා
සුදුයි
කොටයි
මහතයි
ලස්සනයි
නාගරිකයි
එයා බලන්නෙ ඉංග්‍රිසි ච්ත්තරපට
අහන්නෙ සාස්ත්‍රීය ගීත

මම
කලුයි
උසයි
කෙට්ටුයි
කැතයි
ග්‍රාමීයයි
මමනම් බලන්නෙ සිංහල ච්ත්තරපට
අහන්නෙ සරල ගීත

ඒත් අපි දෙන්නම
සිංහල බෞද්ධ
වෙජිටේරියන්ලානෙ.....