Tuesday, March 31, 2020

දියවුන සිහින

මා උන්නු නගරයේ
හවස එබෙන්නටත්  කළියෙන්ම
නැනෝ ලයිට් එලි දැල්වෙනවා
විදි පුරාම මඟ දිගට.....
 
වැස්ස දවසකට කළින්
මෙරුවන් මතුවෙනව 
ඉඩක් තියෙන තැනකින් 
පොළොවෙන් තවමත් 
තුරුලු කරගෙන
සමනල් සිහින..... 

රැය පුරාවට රැවටුන
මෙරුවන් තැන තැන 
ආත්මය දියකරමින් උන්නා 
මඟ දිගටම 
නැනෝ ලයිට් එලි පාමුල....

ඇවිදිනව මම ම
විදි දිගේ අහුලමින් මග දිගට
නැනෝ ලයිට් එලි යට 
දියවුන සිහින...

No comments:

Post a Comment