Wednesday, November 16, 2011

මං තාමත් දුර වගේද.....




වලාකුළු පෙළින් බසින්න
සඳු දෝතට ගෙන
අන්දකාරයට දුවන්න
තරු පොකුරු ඇහිඳගෙන....


කෝපි මල් හිනාවුනාම
ආදරේමදැයි අසන්න
තාරකා සිනාසුනාම
සිත ගිලන්වෙලා වගේද....


අනෝරා වැසි වැටුනම
ගිම්හානය ඉවරවේද
සත්කුළු පව්වෙන් බැස්සම
මං තාමත් දුර වගේද......

3 comments:

  1. ලස්සන පද පෙළක්, පිළිතුරු කවියක් ලියන්න හැදුවත් අනේ මන්දා ඒ කවියේ මොකක්දෝ අසම්පූර්ණත්වයක් දැනෙනවා,. එ නිසා වචන වලින්ම කියන්න හිතුනා,.
    මේ බ්ලොග් එක සින්ඩි වලට දාලාද යාළු,.

    ReplyDelete
  2. ලස්සනයි සහෝ....

    ReplyDelete
  3. දුර වගේ නම් තමයි...
    ඒත්...
    හිත ලඟ හිටියා
    වාගේම උණුහුමයි.. :)

    (''සත්කුළු'' පව්වෙන් නේද..?? )

    ReplyDelete