Wednesday, December 5, 2012

නැවුම් දවසක නැවුම් පැතුමක්....


අමනාප නිල් අහස 
කළු වලා රැගෙන විත් 
නිල් ගුවන එකලු කර 
මහ වැසි ගෙන ආව........ 

දිය සිදුන මහ පොලව 
සෙනෙහසින් අමතමින් 
වැසි බින්දු සිප ගමින් 
නියඟයට සමු දුන්න..... 

නව පැතුම් පොදි බැඳන් 
ඉර එලියත් එක්ක 
හිනාවෙන ඉගිකරන 
මල් කැකුලු පීදිලා....... 

නැවුම් පොලවක 
නැවුම් දවසක 
නැවුම් පැතුමක් 
නැවුම් සුවදින් 

අරන් අවුදින් 
නුඹේ දොරකඩ 
ආයෙමත්...
ආයෙමත් පුරුදු ලෙසම

No comments:

Post a Comment