Saturday, December 8, 2012

ස්තූතියි, නැවත එන්න......


ඉර මැදියම රවටන
කළුපාට අව් කන්නාඩි
දූවිලි කපාගෙන ගිය
පෙජරෝ, ප්‍රාඩෝ දුම් සුවඳ
පට්ටම පට්ට ඉර අව්වට
වේලිලා ගිය වරා මල්...
A - 9 වලින් දකුණට
කෙලින්ම නන්දිකඩාල්.........

සුසුමක උණුසුමත් නොදැනෙන
හදවතත් අහිමි හද ගැස්මට
මහාප්‍රාණ විචාරයන් ගොතමින්
තුරු හිසත් අහිමිව
ප්‍රභාසන්සලේෂණයට වරම් සොයන
හතිදාන තල් පවුර ළඟ හිදගෙන
මතක පොතට රූප අමුණන
සංචාරයේ සංචරනය....

 ගිනිගත් නැවක එන්ජිම
පණගන්වන්නට වෙරදරන සිනාහඬ
ගොළුවුන කළපු දියකින් වෙහෙස නිවන්නට
කරදියටම ආවඩමින්
අතීතය නටබුන් මතින් ප්‍රතිබිම්බනය කරමින්.....

 දියවන්නා හඳ එළියට හෙම්බත් වුණ
කොලොම්පුරේ සිත්..
වේලුන තල් අතු අස්සෙන්
මගේ හිනාවත් ඔන්න ඇවිත් අරන් ගියා
මටත් නොකියාම
මගේ ගෙයි මායිමෙන්........

5 comments:

  1. lassanai digatama liyanna..enawa balanna...

    ReplyDelete
  2. "වේලුන තල් අතු අස්සෙන් මගේ හිනාවත්
    ඔන්න ඇවිත් අරන් ගියා මටත් නොකියාම...."

    සංචාරයේ සංචරනය.... Well said Roshan!!!

    ReplyDelete
  3. දියවන්නා හඳ එළියට හෙම්බත් වුණ
    කොලොම්පුරේ සිත්..
    වේලුන තල් අතු අස්සෙන්
    මගේ හිනාවත් ඔන්න ඇවිත් අරන් ගියා
    මටත් නොකියාම
    මගේ ගෙයි මායිමෙන්....

    ඔක්කොම තියෙන්නෙ මෙතන ...

    ReplyDelete
  4. දියවන්නා හඳ එළියට හෙම්බත් වුණ
    කොලොම්පුරේ සිත්..
    වේලුන තල් අතු අස්සෙන්
    මගේ හිනාවත් ඔන්න ඇවිත් අරන් ගියා
    මටත් නොකියාම
    මගේ ගෙයි මායිමෙන්....

    ඔක්කොම තියෙන්නෙ මෙතන ..

    ReplyDelete