Saturday, December 29, 2012

පරිවර්තන කවි - අනන්තය...















සඳ පායා නැති අහස් වියනක
අන්දකාරයට අතපොවන රාත්‍රීයක
හුදකලා වූ
තරුවක්,
සූරිය ගසක්,
ළිඳක්,
සහ...
තනිවුන මම...

තවත්...
නෙතුවලට මුවාවුන
හොල්මනුත් ඉන්න ඇති

මිත්‍රය...
මියෙනතෙක් රිදුම් දුන්
 ලේ තැවරූ රැයක් ගැන
නුඹ ලියූ පදවැල් මම දුටුවෙමි...

 නුඹේ ආත්මිය වේදනාවට
මා යලිත් පනපොවනාවිටදි
ඔවුන්ගේ රුදුරු ඇස්...කුරිරු ගිනි අවිවලට
මාද තවත් ගොදුරක් වේවි.....

 හුදකලා ළිං දියේ පාවෙන
තරුවකට අනුබල දෙමින්....
තනිකඩ වු සූරිය ගසත්....
මූසල අඳුරේ ඇස් වලට මුවාවුන හොල්මනුත්
නිහඩ සාක්ෂියක්ව බලා හිදිනා කල...
හෙට අලුත් මළමිනියක්ව
මමත් ලේ තවරාන... ළිං දියේ පාවයාවි...

මොවුහු අපි ගැන
තවත් කවි.. කාව්‍ය
 ගොතාපුදෙන්.....
- එම්. රිෂාන් ෂෙරිෆ්
පරිවර්තනය : රොෂාන් දෑල බන්ඩාර
චිත්‍ර : රොෂාන් දෑල බන්ඩාර

1 comment:

  1. අපූර්ව ඉසව්වක්නේ අදයි ගොඩවැදුනේ.

    ReplyDelete