
රේවතී......
තල් අරඹේ ඉස්මත්තක
වියැළුන කඳුලක් සිඹින්න
තහනම් බැම්ම බිඳගෙන
එන්නට හැකිනම්....
තයිපොන්ගල් පෝයදාට
මල් වැල් ගෙන හිස සරසා
තිලක තියන සඳ සිඹින්න
එන්නට හැකිනම්....
සඳ දුහුලට මුවා වෙලා
පෙම් කවි ගෙත්තම් කරන්න
තල් අත්තේ සෙවණ යටට
එන්නට හැකිනම්....
දුරක තියෙන අපේ ගමට
නුඹේ අතින් අල්ලාගෙන
කහ ඉර පැන දුවල යන්න
ඇයි මට තහනම්....
හැමදාමත් අපේ රටට වින කළේ ඔන්න ඔය තහනම නෙවෙයිද සහෝ?
ReplyDeleteලස්සනයි!
tx...machoo... Its out time....
ReplyDelete