Thursday, January 17, 2013

කළ කළ දේ... පල පල දේ...






නිල් අහස පුරාව 
කළු වළා සැතපිලා
අමනාප තරු පන්ති
වළා යට සැඟවිලා

හීනියට මෝදු වන 
පුර පෑල විය ලං වෙලා
දුකක් නැති වැසි වලා
සළු උනා සැරසිලා

නිරිත දිග මෝසමේ 
අරුමෝසම් වැසිකෝඩ
පැතුම් පොදි බැදන් හුන්
හිනා වෙන බන්ඩි ගොයමටත්
පරහට හිටලා

සෙනෙහෙවන්ත දිය රළම
නියරත් කඩාගෙන
වී කරල් හෝදගෙන
දෙගොඩ තලා ගලා ගියේ
රළු වෙලා සැරවෙලා

සින්න වු සින්නක්කරේ 
ඔප්පුවත් දන්නෙ නැතුව ඇති
මම විනකරපු සොබාදහමම්
දැන් මට විනකරනවා කියලා.....

7 comments:

  1. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.....
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. I simply agree with Naleen,yes true "sobha dahamata novana avanatha lovae kisivak na..."
    Keep it up brother...excellent

    ReplyDelete
  3. සොබා දහම දෙන සියල්ල දෙන්නෙත්,,
    ආපහු සියල්ල උදුරා ගන්නෙත් අපි හැමෝගෙන්ම යයි මට හිතෙනවා,,
    එනිසා මේ කවිය බහු වචනයෙන් ලියවුනා නම් තවත් අගෙයි..

    ReplyDelete
  4. සොබා දහම දෙන සියල්ල දෙන්නෙත්,,
    ආපහු සියල්ල උදුරා ගන්නෙත් අපි හැමෝගෙන්ම යයි මට හිතෙනවා,,
    එනිසා මේ කවිය බහු වචනයෙන් ලියවුනා නම් තවත් අගෙයි..

    ReplyDelete