Saturday, June 15, 2013

බීරලු රේන්ද...




බීරලු කොට්ට යට
ඇල් පෙනෙති තුඩු මත
වේදනාවෙන් ඉකි බිදින
සුදු සේද පට.....

දෑගිලි මැද
කරගැට අතර
ගල්වී ගිය
උණූ ලේ කැටිය.....   

අවරට හැරුන ඉර එළිය
කරදිය සීතල සුළඟ ළඟ
ලුණු රසට ඉඟිකළ
තෙහෙට්ටුවේ දාදිය....

ආත්මීය ගෙත්තමක
නූල් පට අතර
අතරමං  වුණ
හුස්ම පොද.....

උප්පැන්නයක් නැතිව
ජාතක  වුණ  
හීං එකාගේ බඩ වියත
මොහොතකට මකන්නටයි
සිල්ලරකඩේ
සල්ල්ං වෙන්නේ……


No comments:

Post a Comment