Monday, November 7, 2011

පිනි කඳුළක්ය මම.......




හිරිගඩු පිපෙන සීතලම සීතලේ
සඳුටත් හොරෙන්
හිම කැට අතර සැඟවුනු
පිනි කඳුළක්ය මම.......

දහසක් තරු පායන අහසකත්
හිරු කිරනකටම පෙමින් වෙලී
හිරුටම පෙම් කවි ගෙත්තම් කරන
පිනි කඳුළක්ය මම.......

හෙට පූදින හිමිදිරියේ
නුඹේ එලිය සිපගෙන
ඔය උනුසුමෙන්ම දියව යන
පිනි කඳුළක්ය මම......

5 comments:

  1. හරිම ලස්සන පද පෙළක්,.

    word verification අයින් කරන්න සහෝ,. ඒක කමෙන්ට් දාන අයට කරදරයක්,..
    settings- comments- Show word verification for comments?- no

    ReplyDelete
  2. "දියවෙන බව දැන දැන මුත්
    නුඹගේ සෙවණම පතනා
    නුඹ නොදන්න ලොවම දන්න
    පිණි කඳුළය මා පෙම් බඳින..."

    ලස්සන කවියක්..
    කවිය කියවලා හිතට ආපු හැඟීම අකුරු කලා..

    ReplyDelete
  3. ස්තූතියි දිරිගැන්වුවාට. @ Parthana: I have change the settings. Tx again for that support. I am rally new to BLOGS.

    ReplyDelete
  4. @ Red Riding Hood:
    නුඹ නොදන්න...ලොවම දන්න
    සීතල දෙන උනුසුම දෙන
    ගිම්හානේ මිරුගුවකත් ....
    වස්සානේ පොද වැස්සෙත්
    මම උන්නා...වැලිකතරෙත්
    නුඹ එනතුරු....
    හේමන්තයේ......

    ReplyDelete
  5. http://rishantranslations.blogspot.com/2013/02/blog-post.html

    ReplyDelete