Friday, August 12, 2016
Thursday, December 17, 2015
Saturday, March 21, 2015
කොළඹ කෝළම
සෙනසුරාදා නිවාඩු දවසක් වු නිසාවෙන්ම, හිතේ මතුවෙමින් තිබූ තනිකම මකාලන්නට දියවනාවට ආවා.දේව කාරියක්ව තිබූ රාජකාරිය හමාරකල ඉර එලිය සුවිසැල් ගොඩනැගිලි අතරින් සැඟවෙමින් සිටියා. නැනෝ ලයිට් එලි ගං දියේ පිහිනමින් දියවී ගියා. ගෙන්දගම් පොලවේ සල්ෆර් සුවඳ මකාලන්නට දැමූ සමන් පිච්ච මල් වගේ සුවඳවල් හැමතනකම වගේ තිබුනා.රෝස පියරු උනා එම්බාම් කල මැදිවියේ මූනුත් අතරින් පතර හිස්තැන් මැකුවා.
සොබාදහමේ සුන්දරතවය රුපියලට විකිනෙන මල් කඩ ඇතුලේ ගමෙන් ආව මොඩර්න් වෙච්ච කොළඹ නෝනලත් එක්ක, ෂොපින් (ආ)ප්‍රිය කරන තලත්තෑනි මහත්තුන්ගේ සිනාවල් මල් එක්කම පරවෙමින් තිබුනා.
තන පිඩලිත් එක්කම කොන්ක්‍රීට් කල වීදි දිගේ, තරාතිමත් මෝස්තරෙත් පෙන්නන්න ගිලපු තෙල් තට්ටු වලට තට්ටුකරන තරබාරු නොනල්, මහත්තුරුත් එක්කම මහත ලමා ලපටිනුත් හති හලමින් එහෙට මෙහෙට අවිදිමින් හිටියා.
රැලි නගන ගං දියේ සෝබනේට පාවෙන පුන්චි පහේ රුවල් ඔරුවක් එහෙට මෙහෙට දියමතුපිට ඇදෙමින් තිබුනා.අරුමෝසම් සුළගත් එක්ක හාදවුන කුරුලු රැන් ගං දියට උඩින් පියබා ගියා. වාහන, එක පේලියට වාහන තදබදය නිසාම තමන්ගෙ වාරය එනකම්ම නලා නාදකරම්න් රතගාලට සේන්දුවෙමින් තිබුනා.
දාරක ප්‍රේමයෙන් වෙලුන පෙමවතුන් පුන්චි පුන්චි දේවල් වලට බොරුවට රන්ඩුකරන ප්රේමවන්තයන්ගෙනුත් අඩුවක් නම් වුනේ නෑ. මේ හැම දෙයක් අතුලෙම මගුල් නටන මංගල ජෝඩු, ඡායා රූප, වීඩියෝ ශිල්පීන් පෙරලි පෙරලි, ශිල්ප දක්වමින් ඊලඟ මගුල් ඔඩරය ගන්න ඔවුන්වම මාකටින් කරමින් හිටියා. පරිසරයත් එක්ක එකාත්මික වෙන්න කියල හිතාගෙන මම සීරුවෙන් පාද තබමින් ඉදිරියයට ඇදුනත්, පරිසරයට වඩා කොළඹ කෝළම ප්‍රිය ජනක වුනා.
Saturday, January 31, 2015
Thursday, April 24, 2014
වාට්ටුවෙ දවසක්
අදන් දහයයි
සිත් දහසයි
තනියට හඩන
සුලං පෙත්තයි
පෙති මත නිදන
දූවිලි තට්ටුව
මදුරු දැල උඩ
ඔපෙරා ගි ගයන
මදුර මදුරු සං ධවනිය
සලෝ ලයිට් එලියට
දිලිසෙන සේලයින් බ්ංදුව
ට්ක් ට්ක් හඩ එක්කම
ශිරාවකින් ශරිරය ඇතුලට
වරින් වර ඇසෙන
හීන් කෙදිරිය
ගීතවත් වෙන
වෙදනාවේ ස්වරය
සුපුරුදු සුවද මැද
සැපට නිදන රූප පෙට්ටිය
සීනු නාද මැද
සීරුවට ඇදී ආ පෝශන ට්‍රොලිය
සපත්තුව එක්ක වෙදනලාව
පිටගැස්මට වගේම කටගැස්මටත්
එන්නත් දෙන
වාට්ටුවෙන් යන්න වෙලාව හරි
ටිකට් කපපු නිසාවෙන්ම
තනියට හඩන
සුලං පෙත්තයි
පෙති මත නිදන
දූවිලි තට්ටුව
මදුරු දැල උඩ
ඔපෙරා ගි ගයන
මදුර මදුරු සං ධවනිය
සලෝ ලයිට් එලියට
දිලිසෙන සේලයින් බ්ංදුව
ට්ක් ට්ක් හඩ එක්කම
ශිරාවකින් ශරිරය ඇතුලට
වරින් වර ඇසෙන
හීන් කෙදිරිය
ගීතවත් වෙන
වෙදනාවේ ස්වරය
සුපුරුදු සුවද මැද
සැපට නිදන රූප පෙට්ටිය
සීනු නාද මැද
සීරුවට ඇදී ආ පෝශන ට්‍රොලිය
සපත්තුව එක්ක වෙදනලාව
පිටගැස්මට වගේම කටගැස්මටත්
එන්නත් දෙන
වාට්ටුවෙන් යන්න වෙලාව හරි
ටිකට් කපපු නිසාවෙන්ම
Thursday, November 21, 2013
අනන්ත රාත්‍රිය.....
ඇසක් තුළ ඇසක්
පහන් කළ රැයක්
පසක් කළ රැසක්
පවසමිය බිදක්
පහන් කනු පාමුල
දිග ඇදෙන රැයක
සීරුවට අමුනමිය
සිදාදියට දිය කළ
හුස්ම ඩිංගිත්ත
සමන් පිච්ච සුවදට
නොපෑහුන
දහඩිය කුයිල
ඉවසාගෙනම
හමාරවුන රසයක ඉම
ඇසකින් මිදුන ඇස
පෙම් බසට තිත තබමින
නාදුනන තරමටම
ඇදුනා නාන කාමරයට
පැයකට ගාස්තුව
කාමරේටත් එක්කම
නූපන් සුවඳ ළඟ
ආයෙමත් තවරමිය
කුන්කුම අන්ජන
කියවන්නට තවත් ඇසක්
පහන්වෙන
පහන් කනුවක් යටින්
Tuesday, October 8, 2013
Subscribe to:
Posts (Atom)





