පෑල දිග අහස් ගැබ අලුපාටය.....තුරුලතාවෝ අහංකාරයෙන් ඒ... මේ.. අත වැනෙන්නේ සුළගට ආදරයේ බලපොරොත්තු ඒත්තුගන්වමිනි....
වීඩාකරීව දවස පුරා පියාසැරූ කුරුලු රන්චු පිටින් නිවෙස් වලට ඇදෙත්ය...මී ගස් වලට හාදු තියන වවුල් රෑන්ය......
පරිසරය නිස්කලන්කය.....නමුදු හදවත දෝන්කාර දෙයි.....ඒ මමද....නතිනම්.... මමත්වය වසා සිටින මා යයි සිතන්නාද....?
මා නැති බව පසක් කරගන්නට හුස්මටම පෙම් බඳිමි.....ආ හුස්මත් නොරෑඳි මා හැර ගියානම්
මමත් නැතිනම් හුස්ම ගියේ කොහාටද.....?
හුස්ම ආ යේ කොහිසිටද...?
බොහෝ ගැටලු ඇත්තේය.........
මොහොතකට සිතුවිලි නතර කරමි.....එන්න හුස්ම.....
ඔබට අවැසි විට යන්න...
ඔබ ආ සැටිද....
යන සැටිද....
නැවත එන සැටිද....
පිටතින් සිට දකිමි ඇලීමකින් බැඳීමකින් තොරව....
මොහොතකට හුස්ම නතරවිනි.....සිතුවිලිද නැත්තේය....
මේ මොහොත විදීමකින් තොරව ගෙවමී......
මෛත්‍රීය පිරි සිතුවිල්ලකින් හුස්ම පුරවමී.....
මෛත්‍රීයෙන් පිරෙමී....මෛත්‍රීය දකිමි...මෛත්‍රීය බෙදමි...
මහා මෛත්‍රීයම වෙමි....!