Friday, September 15, 2017

untitled











 පඬු පාට තැවරුන
වලාවියනක් යටින් 
නැනෝ ලයිට් එළි මැවෙයි
ඔබ හිදිනා තැනක

යටගිය දවසක 
කුමාරවරු අවිද ගිය
මාවතක කෙළවරය 
ඔබ සිටියෙ තේජස්ව

නාරායනා මැදුරක 
දැල්වෙන එළියකින්
එලිය වෙයි මාවතම
සපුමල් කියූවට 
අට්ටේරියා ගස් පිරුණ 

හැමදාම නැති වුනත්
ඉඳ හිටක සති අගට
කුමුදු මල් පෙති දියට
වැටෙන හැටි බලන්නට
දියවන්නා ඉවුරෙ 
වැලි පාරෙ ලොකු දුරක්
හති හල්ල්නෙම නැතුව
ඔබ යනෙන බව කීව...

නටබුන්ය තැනින්තැන
ඉතිහාසයක් දිගහරින
ඔබ මමත් අපිම වී
ඉන්නැති මේ ලෙසින්
සෙහෙසත් තවරගෙන


පරංගිත් ඇවිත් ගිය
කෙටි උනත් දුර පාර
කෙටි කරන් එන්නෙ මම
අරාධනාවක් නැතුවම

අඩ  අඳුර මැදින් එන
දියවන්නා සුළඟත් සීතලයි
ආදරෙත් පුරවගෙන
දිලිසෙනව ඔය දෙනෙත්
මට ඉතින් අවසරයි 
ගුලිවෙන්න සෙනෙහසින්
ඔබේ ඇසිපිල්ලමක..... ..... 

2 comments: