Wednesday, November 16, 2011

මං තාමත් දුර වගේද.....




වලාකුළු පෙළින් බසින්න
සඳු දෝතට ගෙන
අන්දකාරයට දුවන්න
තරු පොකුරු ඇහිඳගෙන....


කෝපි මල් හිනාවුනාම
ආදරේමදැයි අසන්න
තාරකා සිනාසුනාම
සිත ගිලන්වෙලා වගේද....


අනෝරා වැසි වැටුනම
ගිම්හානය ඉවරවේද
සත්කුළු පව්වෙන් බැස්සම
මං තාමත් දුර වගේද......

Monday, November 14, 2011

හීනය ........


හීන වලට පාට පොවන අලුයම් හිමිදිරියේ

නිල් පාටින් සලු ඈදගෙන ඟඟන රෑගුම් රැගුවේ

ඔබ නැතිවත් හිරු එබිලයි මගේ හීන මැකුවේ

සිත් විලමැද තනිකමවිත් නුබේ රුවමයි සෙව්වේ


කනා මැදිරි එලි නිවුනා අන්දර වැට අයිනේ

අදුර මැදින් තනිය ඇවිත් පාලුව රජකෙරුවේ

ඇලේ දොලේ හඩ මැද්දේ මහදේ හඩ නැගුනේ

කවි ලියමින් කවි කියමින් ඔබ ගැන සිත සිතුවේ


කඳුලු ඇවිත් වැස්ස වෙලා ආත්මයට වටුනා

සන්සාරේ මතක නිමිති මතින් කඳුලු ගැලුවා

හඩා වැටෙන් අහස මැදින් ලිහිනි රෑන් ඇදුනා

සිත් විල මැද කුමුදු කුසුම් සුවද දිදි පිපුනා

Monday, November 7, 2011

පිනි කඳුළක්ය මම.......




හිරිගඩු පිපෙන සීතලම සීතලේ
සඳුටත් හොරෙන්
හිම කැට අතර සැඟවුනු
පිනි කඳුළක්ය මම.......

දහසක් තරු පායන අහසකත්
හිරු කිරනකටම පෙමින් වෙලී
හිරුටම පෙම් කවි ගෙත්තම් කරන
පිනි කඳුළක්ය මම.......

හෙට පූදින හිමිදිරියේ
නුඹේ එලිය සිපගෙන
ඔය උනුසුමෙන්ම දියව යන
පිනි කඳුළක්ය මම......