Monday, August 29, 2011

මියැදුන සෙනෙහස



මියැදුන සෙනෙහස

අක් වැස්සක් ලඟ පාතක හිනාපුරන විට
බක් මී මල් හීන් සැරේ ගීත ගයන කොට
තරු පොකුරු පිපෙන රැ මැදියම හීන දකින විට
මං කොහොමද කියන්නෙ නුඹෙ සෙනෙහස ගැන

නිල් දෙනයන උතුරා යන කඳුළු බිංදුවක
මගෙ සෙනෙහස ගලා යයිද ආයෙත් හෙට දින
සීතලම සීත කඳුළු බිඳුව මටම පුදන්නට
නුඹ ආයෙත් එනවද පූදින හෙට දින

අහිමි නුඹට හැමදාකම ගී පද ලියුමට
ගී පද වැල් නවතීවිද නුඹ සමුගත්තට
තරු නිවලා සඳු හංගා අදුරත් අරගෙන
හීනෙන් වත් නුඹ එනවද මාව බලන්නට

රොෂාන් දෑල බණ්ඩාර

රේවතී......




රේවතී......

තල් අරඹේ ඉස්මත්තක
වියැළුන කඳුලක් සිඹින්න
තහනම් බැම්ම බිඳගෙන
එන්නට හැකිනම්....

තයිපොන්ගල් පෝයදාට
මල් වැල් ගෙන හිස සරසා
තිලක තියන සඳ සිඹින්න
එන්නට හැකිනම්....

සඳ දුහුලට මුවා වෙලා
පෙම් කවි ගෙත්තම් කරන්න
තල් අත්තේ සෙවණ යටට
එන්නට හැකිනම්....

දුරක තියෙන අපේ ගමට
නුඹේ අතින් අල්ලාගෙන
කහ ඉර පැන දුවල යන්න
ඇයි මට තහනම්....