Saturday, January 13, 2018

නොක්කාඩු...



ඔයා...
කැලෑවක් මැද
ගලායන ගගක

සීතලම සීත වතුරෙ ගිලෙන විට
මම...
කරාමයක් ඇරල
වතුර මලකට ඔලුව අල්ලනව
ඔයගෙන් කෙටි පනිවිඩයක් වත් 
නෑ කියල බැන බැන

ඔයා...
නිල් පාට අහසක් යට..
කොලම කොලපාට වැව්පිටියක
සුන්දරත්වයක ගිලෙන්න ඇති 
මා වත් අමතක කරගෙනම
මම...
කිසිම සද්දයක් නැතිඋනාම
කෙටි පනිවිඩ එන්නෙ 
අඩුවෙන් දැන දැනත්
ආදරෙන්ම ලියනව
කෙටි නොවුන දිගම දිග පනිවිඩ



වැසි දියත් ඉසෙන
රතු ඉරත් ගිලෙන් 
පඩු අහස් අගිස්සක
පෙනෙයි නුඹෙ මුවග....

පිනි මලුත් පිපෙන
පාට එලි එබෙන
හඳ නැතත් හද ගැබම
එලිය දෙයි නිතර

වසන්තය අවුදින්
විහඟ ගී ගයමින්
මතකයන් සෙනෙහසින්
පිරිමදියි නිතින

නුඹෙ සිනා මුවග
තරු දෙනෙත් යුගල
සෙනෙහෙ පිරි ආත්මය
ගෙන ඒවි ජීවිතේ 
සොදුරුතම මිහිර