Thursday, April 24, 2014

වාට්ටුවෙ දවසක්



අදන් දහයයි
සිත් දහසයි
තනියට හඩන
සුලං පෙත්තයි
පෙති මත නිදන 
දූවිලි තට්ටුව
මදුරු දැල උඩ
ඔපෙරා ගි ගයන
මදුර මදුරු සං ධවනිය
සලෝ ලයිට් එලියට
දිලිසෙන සේලයින් බ්ංදුව
ට්ක් ට්ක් හඩ එක්කම
ශිරාවකින් ශරිරය ඇතුලට
වරින් වර ඇසෙන
හීන් කෙදිරිය
ගීතවත් වෙන 
වෙදනාවේ ස්වරය
සුපුරුදු සුවද මැද 
සැපට නිදන රූප පෙට්ටිය
සීනු නාද මැද
සීරුවට ඇදී ආ පෝශන ට්‍රොලිය
සපත්තුව එක්ක වෙදනලාව
පිටගැස්මට වගේම කටගැස්මටත්
එන්නත් දෙන
වාට්ටුවෙන් යන්න වෙලාව හරි
ටිකට් කපපු නිසාවෙන්ම

Thursday, November 21, 2013

අනන්ත රාත්‍රිය.....


ඇසක් තුළ ඇසක්
පහන් කළ රැයක්
පසක් කළ රැසක්
පවසමිය බිදක්

පහන් කනු පාමුල
දිග ඇදෙන  රැයක
සීරුවට අමුනමිය
සිදාදියට දිය කළ
හුස්ම ඩිංගිත්ත

සමන් පිච්ච සුවදට
නොපෑහුන
දහඩිය කුයිල
ඉවසාගෙනම
හමාරවුන රසයක ඉම

සකින් මිදුන ඇස
පෙම් බසට තිත තබමින
නාදුනන තරමටම
ඇදුනා නාන කාමරයට
පැයකට ගාස්තුව
කාමරේටත් එක්කම

නූපන් සුවඳ ළඟ
ආයෙමත් තවරමිය
කුන්කුම අන්ජන
කියවන්නට තවත් ඇසක්
පහන්වෙන
පහන් කනුවක් යටින්

Saturday, June 15, 2013

බීරලු රේන්ද...




බීරලු කොට්ට යට
ඇල් පෙනෙති තුඩු මත
වේදනාවෙන් ඉකි බිදින
සුදු සේද පට.....

දෑගිලි මැද
කරගැට අතර
ගල්වී ගිය
උණූ ලේ කැටිය.....   

අවරට හැරුන ඉර එළිය
කරදිය සීතල සුළඟ ළඟ
ලුණු රසට ඉඟිකළ
තෙහෙට්ටුවේ දාදිය....

ආත්මීය ගෙත්තමක
නූල් පට අතර
අතරමං  වුණ
හුස්ම පොද.....

උප්පැන්නයක් නැතිව
ජාතක  වුණ  
හීං එකාගේ බඩ වියත
මොහොතකට මකන්නටයි
සිල්ලරකඩේ
සල්ල්ං වෙන්නේ……


Thursday, January 17, 2013

කළ කළ දේ... පල පල දේ...






නිල් අහස පුරාව 
කළු වළා සැතපිලා
අමනාප තරු පන්ති
වළා යට සැඟවිලා

හීනියට මෝදු වන 
පුර පෑල විය ලං වෙලා
දුකක් නැති වැසි වලා
සළු උනා සැරසිලා

නිරිත දිග මෝසමේ 
අරුමෝසම් වැසිකෝඩ
පැතුම් පොදි බැදන් හුන්
හිනා වෙන බන්ඩි ගොයමටත්
පරහට හිටලා

සෙනෙහෙවන්ත දිය රළම
නියරත් කඩාගෙන
වී කරල් හෝදගෙන
දෙගොඩ තලා ගලා ගියේ
රළු වෙලා සැරවෙලා

සින්න වු සින්නක්කරේ 
ඔප්පුවත් දන්නෙ නැතුව ඇති
මම විනකරපු සොබාදහමම්
දැන් මට විනකරනවා කියලා.....

Saturday, December 29, 2012

පරිවර්තන කවි - අනන්තය...















සඳ පායා නැති අහස් වියනක
අන්දකාරයට අතපොවන රාත්‍රීයක
හුදකලා වූ
තරුවක්,
සූරිය ගසක්,
ළිඳක්,
සහ...
තනිවුන මම...

තවත්...
නෙතුවලට මුවාවුන
හොල්මනුත් ඉන්න ඇති

මිත්‍රය...
මියෙනතෙක් රිදුම් දුන්
 ලේ තැවරූ රැයක් ගැන
නුඹ ලියූ පදවැල් මම දුටුවෙමි...

 නුඹේ ආත්මිය වේදනාවට
මා යලිත් පනපොවනාවිටදි
ඔවුන්ගේ රුදුරු ඇස්...කුරිරු ගිනි අවිවලට
මාද තවත් ගොදුරක් වේවි.....

 හුදකලා ළිං දියේ පාවෙන
තරුවකට අනුබල දෙමින්....
තනිකඩ වු සූරිය ගසත්....
මූසල අඳුරේ ඇස් වලට මුවාවුන හොල්මනුත්
නිහඩ සාක්ෂියක්ව බලා හිදිනා කල...
හෙට අලුත් මළමිනියක්ව
මමත් ලේ තවරාන... ළිං දියේ පාවයාවි...

මොවුහු අපි ගැන
තවත් කවි.. කාව්‍ය
 ගොතාපුදෙන්.....
- එම්. රිෂාන් ෂෙරිෆ්
පරිවර්තනය : රොෂාන් දෑල බන්ඩාර
චිත්‍ර : රොෂාන් දෑල බන්ඩාර

Thursday, December 20, 2012

අවසානයක ඇරඹුම....







අඳුරු වලා මැදින්
ගිඟුම් හඩ දිගේ
ආලෝකවත් වෙමින්
නිල් වියන් යටින්
වැසි දියත් එබී
තුරු හිසත් පිස
සීරුවෙන් පහලටම ඇදී
තණ පියසි උඩින්
මල් කැකුලු ලගින්
උනුසුම් හාදු දිදි
තව පහලටමත් 
ගලාගෙන අවුත්
වැවු ඉස්මත්තෙන්
ගං ගාව දිගේ
මහ මුහුදටම ඇවිත්
මියෙන ඉපදෙන මූදු රල මතින්
ආකාසයටම නැගුනා......
අවසානයක ඇරඹුමත් 
ඇරඹුමක අවසානයත් මෙයම නොවේද....?