Thursday, November 21, 2013

අනන්ත රාත්‍රිය.....


ඇසක් තුළ ඇසක්
පහන් කළ රැයක්
පසක් කළ රැසක්
පවසමිය බිදක්

පහන් කනු පාමුල
දිග ඇදෙන  රැයක
සීරුවට අමුනමිය
සිදාදියට දිය කළ
හුස්ම ඩිංගිත්ත

සමන් පිච්ච සුවදට
නොපෑහුන
දහඩිය කුයිල
ඉවසාගෙනම
හමාරවුන රසයක ඉම

සකින් මිදුන ඇස
පෙම් බසට තිත තබමින
නාදුනන තරමටම
ඇදුනා නාන කාමරයට
පැයකට ගාස්තුව
කාමරේටත් එක්කම

නූපන් සුවඳ ළඟ
ආයෙමත් තවරමිය
කුන්කුම අන්ජන
කියවන්නට තවත් ඇසක්
පහන්වෙන
පහන් කනුවක් යටින්