Wednesday, September 28, 2011

අදත්.. හෙටත්... එදා වගේ.... සැනසුම ආවයි....



කතා කරපු නෙතු නිම්නය
සිනා සළන මුව කමලය
මෙ සියල්ල්ල අකැප වෙන්න
කාලය ආවයි

ගිම්හනය එක්කලාම
බොල් අස්වනු ගෙට ගන්නට
වටේ පිටේ හැම කෙනෙක්ම
සහයට ආවයි

නිල් අහසට කදුළු සලා
නිල් දෙනයන රිදවාලා
මගේ සිතේ තනි රකින්න
තනිකම ආවයි

මේ තනියට පෙම් බඳින්න
ඒ තනියට තනි රකින්න්න
අදත්.. හෙටත්... එදා වගේ....
සැනසුම ආවයි....

Monday, September 26, 2011

කළු දිය පොකුන .....























කළු දිය පොකුන ලඟ දවසක හැන්දෑවක
කළුවර වලා විත් හෙමිහිට නතරවින
පාලු නිසල බව තව වැඩිකරවිමින
කුමුදු මල් පියලි එකිනෙක සිද වැටින

හිත රිදුන තරමට අරලියා ගසට
සුදුමල් පරවී සුළගේ පාවිමින
තනිකම ඇවිත් ගෙයි ම්ඳුලේ මායිමට
මගේ නෙතට උනු කඳුලැලි බිඳු ඉනින.....

අපේ පෙම් පුරානය මේ බිම දන්නවා ඇතී
ඒ තරමට පාලුව රජ කරනවා ඇතී
පෙරදවසක අප ආ විට සිනාසුන
මුරගල් පවා අද වෙනතක බලාගෙන....

Wednesday, September 21, 2011

එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....



කලා වැවේ ඉවුරු කොනේ
කෙකටිය මල් යාය දිගේ
හඳ එලියේ පාර දිගේ
එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....

තරු කැට පොකුරු පිටින්
දිය මතුපිට පීනන විට
ඒ තරු කැට ඇහිදින්නට
එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....

නිල් ගොයමේ නිල්ල මැදින්
නියර උඩින් කමත මැදින්
බන්ඩි කරල් සිපගන්නට
එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....

මෙත් සිසිලස මේඟයක්ව
අවුකන සිට හමා එදිදි
එ සිසිලේ නැළවෙන්නට
එන්න හිතෙනවා..... මට එන්න හිතෙනවා....

Thursday, September 15, 2011

මෛත්‍රීයම වෙමි....

පෑල දිග අහස් ගැබ අලුපාටය.....තුරුලතාවෝ අහංකාරයෙන් ඒ... මේ.. අත වැනෙන්නේ සුළගට ආදරයේ බලපොරොත්තු ඒත්තුගන්වමිනි....
වීඩාකරීව දවස පුරා පියාසැරූ කුරුලු රන්චු පිටින් නිවෙස් වලට ඇදෙත්ය...මී ගස් වලට හාදු තියන වවුල් රෑන්ය......
පරිසරය නිස්කලන්කය.....නමුදු හදවත දෝන්කාර දෙයි.....ඒ මමද....නතිනම්.... මමත්වය වසා සිටින මා යයි සිතන්නාද....?
මා නැති බව පසක් කරගන්නට හුස්මටම පෙම් බඳිමි.....ආ හුස්මත් නොරෑඳි මා හැර ගියානම්
මමත් නැතිනම් හුස්ම ගියේ කොහාටද.....?
හුස්ම ආ යේ කොහිසිටද...?
බොහෝ ගැටලු ඇත්තේය.........
මොහොතකට සිතුවිලි නතර කරමි.....එන්න හුස්ම.....
ඔබට අවැසි විට යන්න...
ඔබ ආ සැටිද....
යන සැටිද....
නැවත එන සැටිද....
පිටතින් සිට දකිමි ඇලීමකින් බැඳීමකින් තොරව....
මොහොතකට හුස්ම නතරවිනි.....සිතුවිලිද නැත්තේය....
මේ මොහොත විදීමකින් තොරව ගෙවමී......
මෛත්‍රීය පිරි සිතුවිල්ලකින් හුස්ම පුරවමී.....
මෛත්‍රීයෙන් පිරෙමී....මෛත්‍රීය දකිමි...මෛත්‍රීය බෙදමි...
මහා මෛත්‍රීයම වෙමි....!

Wednesday, September 14, 2011

ගඟ සහ මම


වර්ශාව පෙනෙන තෙක් මානයක නැත්තේය....
පහන් වු සිත ආධ්‍යාත්මයෙන් තෙත බරිත කරන්නට
තවත් මෛත්‍රිය පිරි වර්ශාවක් අවැසි යැයි මට කියන්නට සිතෙමි.....
දහවල තව ටිකක් දීර්ගය....
පෑල දොරින් ගෙට ගොඩවෙන අකුසලයන්
එසේ දියකර හරින්නටද සිතෙන්නේය......
සන්සාරය පුරාවට ගෙන ආ ක්ලේශයන් මහත්ය.....
ආ දුර බෝහෝය...
තරණය කල ඉසව් ඉමක් කොනක් නැත්තේය
ගඟ තවම නිසලය...
නමුදු ගඟ ද....
මම ද...
මොහොතින් මොහොත...

Thursday, September 8, 2011

ජීවිතය



මොහොතකට නිහඬවෙන
නිසල සිත අද්දරින්
අමනාපයෙන් අරියාදුවට
මෝදුවෙන ක්ලේෂයන්ම - උපාදානයක්ව
මේ සංසාරය තවතවත්
දිග්ගස්සන බැව් දැනුනාම
වසාලන්නට උත්සුක වෙමි
පංච ඉන්ද්‍රීන්ම
මොහොතකින් සමාධිය අවාම
ක්‍ෂය කරමි විදර්ශනාවෙන්ම
සංසාරය පුරාවට ගෙන ආ ක්ලේෂයන්.........